Search

රැජිණගේ අභාවය වෙනුවෙන් ඔස්ටේ්‍රලියා සමරු කාසිය එළි දකී

දෙවන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේදී නිකුත් කරන සමරු කාසිය එළි දක්වා තිබෙනවා.

එය ලබන ජනවාරි පළමුවනදා සිට ජනතාව අතර සංසරණය සඳහා නිකුත් කෙරෙනු ඇති.

වසර 70 කට ආසන්න කාලයක් ඔස්ටේ්‍රලියානු ජනතාව වෙනුවෙන් ඉටු කල සේවය ඇගයීම සඳහායි මෙම සමරු කාසිය නිපදවා ඇත්තේ.

මේ අතර 03 වන චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් කර ඔස්ටේ්‍රලියාව විසින් නිකුත් කරන කාසි නිර්මාණය ලබන වසර ආරම්භයේදී ආරම්භ කෙරෙන අතර ලබන වසරේ අගභාගයේදී එම කාසි ජනතාව අතර සංසරණයට එක් කෙරෙනු ඇති.

කෙසේවෙතත් දැනට භාවිතයේ පවතින රැජිණගේ රුව සහිත කාසි ද අඛණ්ඩව භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.