ප්‍රාන්ත කිහිපයක double demerit points නියම කිරීම ලබන සතියේ සිට

වසර අවසාන නිවාඩු සමය එළඹීමත් සමග ඕස්ටේ්‍රලියාවේ ප්‍රදේශ කිහිපයක රියදුරන්ට ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerit points) නියම කිරීම ලබන සතියේ සිට ආරම්භ වනවා.

ඒ අනුව නත්තල් සහ අලුත් අවුරුදු සමය පුරා මාර්ග අසල රැඳී සිටින පොලිස් නිළධාරීන් සංඛ්‍යාවද ඉහළ දමා ඇති අතර එක් එක් ප්‍රාන්තය අනුව මෙම නීති වෙනස් වනු ඇති.

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 03 වනදා දක්වා දින 11 ක් double demerit points කාලසීමාව බලාත්මකයි.

වේගය ඉක්මවා යාම – ජංගම දුරකථන අවභාවිතය සහ ආසන පටි නොපැළඳීම මෙන්ම හිස් වැසුමක් නොමැතිව යතුරු පැදි ධාවනය සඳහා මෙම කාලසීමාවේදී double demerit points නියම කිරීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 08 වනදා දක්වා දින 16 ක් double demerit points කාලසීමාව බලාත්මකයි.

වේගය ඉක්මවා යාම – ජංගම දුරකථන අවභාවිතය – බීමත්ව රිය පැදවීම සහ ආසන පටි නොපැළඳීම මෙන්ම හිස් වැසුමක් නොමැතිව යතුරු පැදි ධාවනය සඳහා මෙම කාලසීමාවේදී double demerit points නියම කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සමස්ත වසර පුරා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ Northern Territory ප්‍රාන්තවල double demerit points ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »