බලශක්ති ගාස්තු අඩු කිරීමට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව නීතියක් ලෙස සම්මත කිරීම සඳහා ෆෙඩරල් පාර්ලිමේන්තුව අද රැස්වනවා.

විදුලිය සහ ගෑස් සඳහා උපරිම ගාස්තු නියම කර පාරිභෝගිකයන්ට කිසියම් ගාස්තු සහනයක් දීමයි ලේබර් පක්ෂ රජයේ උත්සාහය වී ඇත්තේ.

ඩොලර් බිලියන 03 ක පමණ සහනයක් ඒ යටතේ හිමිවනු ඇති අතර එක් නිවසකට අවම වශයෙන් ඩොලර් 230 ක උපකාරයක් ලබාදීමටයි රජය සැළසුම් කරන්නේ.

ගෑස් සහ ගල් අගුරු මිළදී ගැනීමේදී උපරිම මිළක් නියම කිරීමද අද ඉදිරිපත් කෙරෙන යෝජනා අතරට අයත්.

ග්‍රීන්ස් පක්ෂය විසින් මේ සඳහා සහය පළ කරන බවට නිවේදනය කිරීමත් සමග මෙම නීති බහුතර ඡන්දයෙන් සම්මත වන ළකුණු පළවී තිබෙනවා.

පසුගිය සතියේදී ජාතික කැබිනට් මණ්ඩලය සහ ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් විසින් පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් පසු මෙම නීති සම්මත කරගැනීම සඳහායි අද දිනයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »