Search

නවසීලන්ත PR දීමේදී වෙනස්කම් කිහිපයක්

නවසීලන්ත රජය විසින් ආගමන විගමන නීති කිහිපයක් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වෙනස් කිරීම යටතේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආගමන කොළ ලැයිස්තුවට (Immigration Green list) ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

එහිදී එම ශ්‍රමිකයින්ට නවසීලන්ත ස්ථිර පදිංචිය ලබාගැනීමද කඩිනම් වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙතෙක් අදාළ පහසුකම වෛද්‍යවරුන් සඳහා ලබාදී තිබුණද හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා ලබාදී තිබුණේ නැහැ.

නවසීලන්තය තුළ මේ වන විට හෙදියන් සහ අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා පවතින දැඩි හිගය සැළකිල්ලට ගෙනයි එරට රජය මෙම පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ට්‍රක් රථ රියදුරන් සහ බස් රථ රියදුරන් සඳහා ද මෙම නව ආගමන නීති වෙනස් කිරීම තුළින් තාවකාලික නවසීලන්ත නේවාසික වීසා ලබාගැනීමට හැකිවනු ඇති බව සඳහන්.

ඉදිරියේ දී ගුරුවරුන් සහ මෝටර් රථ කාර්මිකයින් සඳහා ද මෙම නව ආගමන නීති වෙනස් කිරීම තුළ වැඩි අවස්ථා ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලබන වසරේ මාර්තු පමණ විට ආගමන කොළ ලැයිස්තුව (Immigration Green list) සඳහා රැකියා අංශ 10 ක් ඇතුළත් කිරීමට නවසීලන්ත රජය අපේක්ෂා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »