
මෙඩිබෑන්ක් දත්ත වංචාවේදී වින්දිතයන් බවට පත්වූ පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඩුකරයක් ගොණුකර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු තොරතුරු කොමිසම සමග ඒකාබද්ධවයි සිවිල් වැසියෙකු විසින් මෙම පැමිණිල්ල ගොණු කර ඇත්තේ.
කෙසේවෙතත් තොරතුරු කොමිසම විසින් මෙතෙක් තමන්ට කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව මෙඩිබෑන්ක් පවසනවා.

පසුගිය මාසයේදී තහවුරු වූයේ මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය පිටුපස රුසියානු සයිබර් ප්‍රහාරකයන් සිටින බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ෆෙඩරල් පොලිසියද විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
