
අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන ඉලක්කයක් වන බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත වන ළකුණු පළවී තිබෙනවා.
ග්‍රීන්ස් පක්ෂය විසින් ඊට සහය පළ කරන බවට නිවේදනය කිරීම ඊට හේතුවයි.
විදුලිය සහ ගෑස් සඳහා උපරිම ගාස්තු නියම කර පාරිභෝගිකයන්ට කිසියම් ගාස්තු සහනයක් දීමයි ලේබර් පක්ෂ රජයේ උත්සාහය වී ඇත්තේ.

ඩොලර් බිලියන 03 ක පමණ සහනයක් ඒ යටතේ හිමිවනු ඇති අතර එක් නිවසකට අවම වශයෙන් ඩොලර් 230 ක උපකාරයක් ලබාදීමටයි රජය සැළසුම් කරන්නේ.
පසුගිය සතියේදී පැවති සාකච්ඡා වට කිහිපයකින් පසු මෙම නීති සම්මත කරගැනීම සඳහා හෙට ෆෙඩරල් පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතයි.
