Search

සමාගම් අධ්‍යක්ෂවරුන්ට දුන් කාලය අදින් අවසන්

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයේ ලියාපදිංචි වී අනන්‍ය අංකයක් ගැනීමට සමාගම් අධ්‍යක්ෂවරුන්ට දී තිබු කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ සඳහා අපොහොසත්වන තැනැත්තන්ට ඩොලර් 14,200 ක දඩයකට යටත්වීමට සිදුවන බවයි බදු කාර්යාලය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් අද පස්වරුව වනවිටත් මිලියනයකට ආසන්න සමාගම් අධ්‍යක්ෂවරුන් විසින් අදාළ ලියාපදිංචිවීම සිදුකර අනන්‍ය අංකයක් ලබාගෙන නොතිබූ බවටයි තහවුරු වී ඇත්තේ.

පසුගිය නොවැම්බර් 30 වනදා වනවිට මෙම ලියාපදිංචිය ලබාගන්නා ලෙස පළමුවෙන් දැනුම් දී තිබුණා.

එහෙත් එම කාලසීමාව තවත් සති 02 කින් දීර්ඝ කිරීමට ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය පසුව තීරණය කලා.

සමාගම් අභ්‍යන්තරයේ සිදුවන විවිධ වංචා වැළැක්වීම සහ බදු ගෙවීම් පැහැර හැරීම වළක්වාලීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »