ඔස්ටේරලියාව තුළදී Casual සේවකයෙකු උපයන සතියක ආදායම ඩොලර් 1250 ක සාමාන්‍ය අගයක් දක්වා ඉහළගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ එය පසුගිය වසර හා සැසඳීමේදී ඩොලර් 50 ක ඉහළයාමක් බවයි.
මෙම සේවකයන් අතුරින් අති බහුතරයක් එක් රැකියාවකට වඩා නිරත වන්නන් බවයි අනාවරණ වී ඇත්තේ.
සතියකදී ඩොලර් 1000 ට අඩුවෙන් උපයන Casual සේවකයන් සංඛ්‍යාව මීට වසරකට පෙර ලක්ෂ 40 කට ආසන්නවයි පැවතුණේ.
කෙසේවෙතත් මේ වනවිට එය ලක්ෂ 05 ක් වැනි අගයකට අඩුවී තිබෙනවා.
දැනට ඔස්ටේ්රලියාවේ සිටින සමස්ත Casual සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 26 කට ආසන්න බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරනවා.