ක්වීන්ස්ලන්ඩ් ඝාතන පිටුපස අන්තවාදී බලපෑමක් ?

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිදුවීම පිටුපස කිසියම් අන්තවාදී බලපෑමක් තිබුණේදැයි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය අන්තවාදී ස්වරූපයක් ගෙන තිබීම ඊට හේතුව බවයි.

සිද්ධියට සම්බන්ධ සහෝදරයා දෙදෙනා අතුරින් එක් අයෙකු පසුගිය වසර වන තෙක්ම ජනප්‍රිය විදුහල්පතිවරයෙකු ලෙස සිටීමත් ඔහු හදිසියේ අතුරුදන්වීමත් සැක උපදවන සාධක බවයි විමර්ශ සිදුකරන පාර්ශව පෙන්වා දෙනවා.

ඔහුගේ නමින් ඔන්ලයින් සංවිධාන කිහිපයක පළකර ඇති පළකිරීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන්.

පසුගිය සඳුදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පොලිස් නිළධාරිනියක සහ 26 හැවිරිදි පොලිස් නිළධාරීයෙකු ඝාතනයට ලක්වුණා.

වෙඩි හුවමාරුවේදී සැකකරුවන් දෙදෙනෙකු – ඔවුන් සමග සිටි කාන්තාවක සහ වෙනත් සිවිල් වැසියෙකුද මරණයට පත්වුණා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »