Search

ඔස්ටේ්‍රලියානුවන්ගේ නත්තල් කෑම මේසයේ වියදම ඉහළට

මෙවර නත්තල් දින ආහාර වේල් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට ඔස්ටේ‍රලියානුවන්ට සිදුවන බව අධ්‍යයනයකදී අනාවරණ වි තිබෙනවා.

දෙසැම්බර් පළමුවනදා වනවිට සියලුම සුපිරි වෙළඳසැල්වල අලෙවි කල ආහාර මිළ ගණන් ආශ්‍රිත දත්ත පදනම් කරගෙනයි මෙම වාර්තාව සකස් කර ඇත්තේ.

මේ අතර ගව මස් සහ බැටලු මස් මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ මෙවර නත්තල් සමයේදී ඔස්ටේ‍රලියාව තුළ ඌරු මස් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

වරින්වර පැවති නියගය හමුවේ ගව සහ බැටලු මස් නිෂ්පාදනය අඩුවීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

නත්තල් කෑම මේසයේදී අනිවාර්ය අංගයක් වන කලුකුම් මස් මිළද මෙවර කැපී පෙනෙන අන්දමින් ඉහළගොස් ඇති බවයි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »