
ඔස්ටේ්‍රලියාවේ bridging වීසා ලාභීන් සංඛ්‍යාව 333,357 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නවතම වාර්තාවක දැක්වෙන්නේ 2014 දී එය 60,795 ක් වැනි පහළ අගයක පැවති බවයි.
මෙරට ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් bridging වීසා මත සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඒ අනුව හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

887 හෙවත් skilled regional වීසා අයදුම්පතක් සලකා බැලීමට 2018 වසරේදී ගතවී ඇති කාලය මාස 10 ක් පමණ වුණා.
එහෙත් 2018 න් පසු එම කාලය දෙගුණයකට වඩා ඉහළගොස් ඇති බව මෑතකදී නිකුත්වී ඇති වාර්තාවක සඳහන්.
