ඔස්ටේ්‍රලියානුවන් අතර සිෆිලිස් වැළඳීම ඉහළට

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන සිෆිලිස් ආසාධිත ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරය වයස අවුරුදු 15 ත් 44 ත් අතර කාන්තාවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේදී සිෆිලිස් – ගොනෝරියා ඇතුලු ප්‍රධාන ලිංගික රෝග 03 ක් ආසාධිතයන් 120,000 ක් පමණ මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

මෙම අගයන් කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාලේඛණවලට වඩා අඩු අගයක පැවතියද පූර්ව පරීක්ෂා කිරීම්වලද අඩුවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ස්වදේශික ජනතාව අතර ලිංගික රෝග ව්‍යාප්තියෙහි සැළකිය යුතු වැඩිවීමක් නිරීක්ෂණය වන බවත් අනාවරණ කරගෙන තිබෙනවා.

ඇතැම් ලිංගික රෝග ආසාධනය වී දීර්ඝ කාලයක් ගතවන තුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමද අවධානම් තත්වයක් බව වෛද්‍ය මතයයි.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »