2023 දී ඔස්ටේ්‍රලියානුවන්ගේ ලොකුම හිසරදය හෙළිවෙයි

2023 වසරේදී තමන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව ජීවන වියදම ඉහළයාම බව ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් ප්‍රකාශ කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ වැඩිවීම – ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි හා ගෑස් බිල් ගාස්තු ඉන් ප්‍රමුඛ වන බවයි ඔවුන් පවසා ඇත්තේ.

පුද්ගලයන් 2000 කට වැඩි පිරිසක් යොදාගනිමින් Canstar ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

2017 වසරේදී ඔවුන් සිදුකල පළමු සමීක්ෂණයේදී තමන් මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලුව ලෙස ජීවන වියදම ඉහළයාම නම් කර තිබුණේ සියයට 05 ක් වැනි සුලු ප්‍රතිශතයක් පමණයි.

මෙවර සමීක්ෂණයේදී සියයට 66 කට වැඩි පිරිසක් පවසා තිබුණේ තම සතිපතා ආහාර ද්‍රව්‍ය වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසර හා සමාන අගයකින් ඉතුරුම් කිරීමට බලාපොරොත්තු වන බව පවසා ඇති ප්‍රතිශතය සියයට 28 ක්.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »