බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවිය තහනම් කර නවසීලන්තයේ දැඩි නීති

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවිය තහනම් කරමින් නවසීලන්තය විසින් දැඩි නීති රීති මාලාවක් පණවා තිබෙනවා.

මේ අනුව 2009 වසරේ ජනවාරි 01 වනදායින් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි මිළදී ගැනීම තහණම් වන අතර ඔවුන්ගේ මුලු ජීවිත කාලය සඳහාම එම නියමය බල පැවැත්වෙනු ඇති.

කිසියම් අයුරකින් මෙම නියමයන් කඩ කලහොත් අලෙවි කරන්නා සහ මිළදී ගන්නා යන දෙදෙනාටම නවසීලන්ත ඩොලර් 150,000 ක දඩයක් නියම කිරීමට නියමිතයි.

2025 වසර වනවිට දුම්පානයෙන් තොර රටක් බවට නවසීලන්තය පත් කිරීම මෙහි අරමුණ බවයි එරට රජය නිවේදනය කරන්නේ.

දුම්වැටියක තිබිය යුතු නිකොටීන් ප්‍රමාණය අවම කිරීම මෙන්ම දුම්වැටි අලෙවි කල වෙළඳ සැල් සංඛ්‍යාව ලබන වසරේ අවසානය වනවිට සියයට 90 කින් පමණ කපා හැරීමද නව සංශෝධන අතර වනවා.

මෙමගින් රජයට ලැබෙන ආදායම අඩුවුවද දුම්පානය ආශ්‍රිත රෝග හමුවේ රෝගාතුර වන පුද්ගලයන් වෙනුවෙන් දැරීමට සිදුවන වියදම සැළකිය යුතු අගයකින් අඩු වන බවද නවසීලන්ත රජය අවධාරණය කරනවා.

කෙසේවෙතත් මෙම යෝජනාව මගින් නීති විරෝධි දුම්වැටිවල ඉහළයාමක් සිදුවනු ඇති බවටයි නවසීලන්ත විපක්ෂය චෝදනා කරන්නේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »