ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ සිය නිවසෙහි සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

අභාවප්‍රාප්ත වන විට ගායන ශිල්පී නිහාල් නෙල්සන් 76 හැවිරිදි වියෙහි පසුවූවා.

වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ දී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටු මහා විද්‍යාලයෙන් .

සිංහල සංගීත ලොවේ බයිලා ගායකයෙකු ලෙස කරළියට පැමිණි නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා, ලස්සනට පිපුණු වනමල්, කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්” ආදී ජනප්‍රියතම ගී රැසක් ඔහුගේ හඬින් ගැයුණා.

නිහාල් නෙල්සන් සූරීන්ගේ දේහය අංක 17, නිහාල් නෙල්සන් මාවත, රාවතාවත්ත, මොරටුව යන නිවසෙහි තැන්පත් කෙරෙනු ඇති බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය වෙනුවෙන් සටහනක් තබමින් ප්‍රවීණ ගායන ශිල්පී ජනක වික්‍රමසිංහ දැනුම්දී ඇත්තේ.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »