Search

ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවේදී අලුත්ම සහනයක්

සිංගප්පූරුවට පැමිණිමෙන් පසු ආගමන පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර මංතීරු (e-passport immigration lanes) භාවිත කිරීමේ අවස්ථාව ඔස්ටේ‍රලියානු පුරවැසියන්ටද හිමිවී තිබෙනවා.

මෙතෙක් සිංගප්පූරු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් ලැබී තිබූ එම සහනය ඔස්ටේ්‍රලියාව – නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් 44 ක පුරවැසියන්ටද හිමිවන බවයි සිංගප්පූරු රජය නිවේදනය කරන්නේ.

වයස අවුරුදු 06 ට වැඩි ගුවන් මගීන් සඳහා මෙම අවස්ථාව උදාවනවා.

මේ අතර ඔක්තෝබර් මාසයට අදාළව මෙරටට පැමිණි සහ පිටත්ව ගිය මගීන් සංඛ්‍යා පිළිබඳ නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ඔක්තෝබරයේදී මෙරට වෙත සිදුකර තිබූ සංචාර සංඛ්‍යාව 12 ලක්ෂ 12 දහස් 850 ක්.

එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සංචාර 141,330 ක ඉහළයාමක්.

එහෙත් කොවිඩ් සමයට පෙර පැවති තත්වය හා සැසඳීමේදී තවමත් සංචාර සංඛ්‍යාව සියයට 44.4 ක අඩුවක් ලෙසයි සටහන් වන්නේ.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »