ඔස්ටේ්‍රලියාව තුළ දියර කිරි නිෂ්පාදනය පහළට – මිළ ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ දියර කිරි මිළ ගණන් ගතවූ මාස 12 තුළදී සීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා.

මේ වනවිට සුපිරි වෙළඳසැල්වල කිරි ලීටරයක අවම මිළ ඩොලර් 1.60 දක්වා වැඩිවී ඇති බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය වසර පුරා සිදුවූ කාළගුණ වෙනස්වීම් හේතුවෙන් නිෂ්පාදනය අඩාලවීම මෙන්ම ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් වැඩිවීම මීට ප්‍රධාන හේතු බව සඳහන්.

පශූ කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින දැඩි සේවක හිගයද මීට තවත් හේතුවක් බවයි පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් ඔස්ටේ‍රලියාවේ වැඩිම දියර කිරි නිෂ්පාදන මාස 02 වන්නේ ඔක්තෝබර් හා නොවැම්බර් වුවද මෙවර සමස්ත නිෂ්පාදනය සියයට 6.6 කින් පහළ ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා.

කෙසේවෙතත් ලබන වසරේ පළමු කාර්තුව වනවිට මෙම තත්වය යථා තත්වයට පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »