ක්වීන්ස්ලන්ඩ් වෙඩි තැබීමකින් පොලිසියේ 02 ක් ඇතුලු 06 ක් මරුට

ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාදේශීය නගරයක සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිළධාරීන් 02 දෙනෙකු ඇතුලු 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

අතුරුදන්වූ පුද්ගලයෙකු සිටින බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිළධාරීන් 04 දෙනෙකු අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇතැයි සඳහන්.

එහිදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය සිවිල් වැසියන් අතර පොලිසියට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සමග සිටි කාන්තාවකද වනවා.

පොලිසියට වෙඩි තැබූවන් වන්නේ හිටපු විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ජීවිතක්ෂයට පත් අනෙක් තැනැත්තා නිරායුධ සිවිල් වැසියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මියගිය පොලිස් නිළධාරීන් දෙදෙනා වෙනුවෙන් අද දිනයේදී ක්වීන්ස්ලන්ඩ් රජයේ කාර්යාල රැසක ප්‍රාන්ත කොඩිය අඩකුඹු කර ඇති ආකාරයක්ද දක්නට ලැබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ඇතුලු පාර්ශව ගණනාවක් විසින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොව පළකර තිබුණා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »