Cleo Smith දැරිය පැහැරගත් සැකකරුට එරෙහි නඩුව අද සිට

මීට වසරකට පමණ ඉහතදී දැඩි ආන්දෝලනයට තුඩු දුන් බටහිර ඔස්ටේ්‍රලියාවේ ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරු වන Terence Darrell Kelly නමැත්තාට එරෙහි නඩු විභාගය අද සහ හෙට පැවැත්වෙනවා.

ඒ අනුව හෙට දිනයේදී බොහෝ දුරට සැකකරුට එරෙහි දඩුවම් නියම කිරීම සිදුවනු ඇති බව සඳහන්.

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සොයාගැණුනේ ඇය අතුරුදන්වූ කඳවුරු භූමියේ සිට කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි නිවසක සිටියදීයි.

එය එවක ලොව පුරා ප්‍රමුඛ පුවතක් බවටද පත්වුණා.

අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දරුවෙකු බලහත්කාරයෙන් පැහැර ගැනීම යන චෝදනාව යටතේ මෙම තැනැත්තා වරද පිළිගෙන තිබුණා.

බටහිර ඔස්ටේ්‍රලියා දිස්ත්‍රික් අධිකරණයකදී අද සහ හෙට දිනවල නඩු විභාගය පවත්වා දඩුවම් නියම කිරීමට පසුගිය සැප්තැම්බර් මාසයෛ්දී තීරණය වී තිබුණා.

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »