නත්තල් සාදවලට පෙර කොවිඩ් පරීක්ෂා – වික්ටෝරියා රජයෙන් දැනුම්දීමක්

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් නත්තල් හෝ අලූත් අවුරුදු සාදයකට සහභාගී වීමට පෙර කොවිඩ් පරීක්ෂාවකට යොමුවීම යෝග්‍ය බවට වික්ටෝරියා ප්‍රාන්ත රජය දැනුම් දෙනවා.

ගෘහස්ථ සාදවලට වඩා එළිමහනේ සාද පැවැතවීම වඩාත් සුදුසු බවත් විදුලි පංකා – වායු සමීකරණ භාවිතය හෝ දොර සහ ජනෙල් විවෘත කිරීමෙන් වාතාශ්‍රය උපරිමයෙන් ලබාගත හැකි බවත් ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

සාදයකට සහභාගී වීමට පෙර rapid antigen පරීක්ෂණයක් සිදුකිරීමට හෝ හැකිනම් මුව ආවරණයක් පැළඳීමට සහභාගීවන්නන් දිරිමත් කරන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම විෂබීජහරණය වැන ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි නත්තල් හෝ අලූත් අවුරුදු සාද සංවිධාන කරන වික්ටොරියා ප්‍රාන්තවාසීන්ගෙන් ප්‍රාන්ත රජය ඉල්ලා සිටින්නේ.

දැනට ශ්වසන රෝග ලක්ෂණ ඇත්නම් හෝ මෑත කාලීන කොවිඩ් ආසාදනයකින් තවමත් සුවය ලබමින් සිටී නම් ජනාකීර්ණ ස්ථානවලින් ඉවත් විය යුතු බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජය දැනුම් දෙන්නේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »