ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස් සීමාව​ ඉහල දැමීමට සූදානමක්!

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස් සීමාව​ ඉහල දැමීමට සූදානමක්!

Sri Lanka prepares to raise the retirement age of private sector!

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පව සයි.

අනාගතයේ දී සේවා ප්‍රවීනයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවකදී ඉදිරිපත් වූ එම යෝජනාවට සේවක සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය හිමිව තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ පිළිබඳ අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේ දී ප්‍රකාශයට පත්කරන බවත් පසුව ඊට අදාළ නෛතික ප්‍රතිපත්ති සකස් කරන බවයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »