ඔස්ටේ්‍රලියාව තුළ ඉංජිනේරුවරුන් 30,000 කගේ හිගයක්

ඔස්ටේ්‍රලියාව තුළ දැනට ඉංජිනේරුවරුන් 30,000 කගේ පමණ හිගයක් පවතින අතර 2030 වසර වනවිට එය 100,000 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

වාර්ෂික පුහුණු නිපුණතා කෝටාව 195,000 දක්වා ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කල අතර එහි සැළකිය යුතු ප්‍රතිශතයත් ඉංජිනේරුවරුන් සඳහා වෙන් කර තිබීමද විශේෂත්වයක්.

ඉංජිනේරු වෘත්තීය සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිසෙන් අඩකට වඩා නිරත වනුයේ වෙනත් වෘත්තීන්වල බව අනාවරණ වි තිබෙනවා.

ඇතැමුන්ට නිසි පරිදි සුදුසුකම් ඇතත් විදේශයන්හි ප්‍රායෝගික පුහුණු සහ ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු අවශ්‍යතා අතර පරස්පරතා පැවතීම ඊට හේතුවයි.

වෙනත් රටවල වසර 20 ක පමණ අත්දැකීම් පැවතියද ඔස්ටේ්‍රලියාවේ අවශ්‍යතාවයට හැඩගැසීමට ඔවුන්ට කාලයක් ගතවීමයි ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »