ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළ ආරක්ෂක සේවකයන් වැඩවර්ජනයකට

ඔස්ටේ්‍රලියාව තුළ ගුවන් තොටුපළ කිහිපයක ආරක්ෂක සේවකයන් වැඩවර්ජනයකට සූදානම් වනවා.

ලබන සිකුරාදා කැන්බරා ගුවන් තොටුපළේත් එළඹෙන සතියේ සඳුදා දින බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළවලත් මෙම වර්ජන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

සියයට 10 ත් 15 ත් අතර අගයකින් වැටුප් වැඩිකල යුතු බවට ඉල්ලා සිටිමිනුයි මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සැළසුම් කර ඇත්තේ.

නත්තල් නිවාඩු ගත කිරීම වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලට හෝ වෙනත් රටවලට යාමට අපේක්ෂාවෙන් සිටින විශාල පිරිසකට මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කිසිදු කොවිඩ් රෙගුලාසියකින් තොරව ඔස්ටේ්‍රලියානුවන් විසින් වසර 03 කට පසුව සමරන පළමු නත්තල් උත්සවය මෙයයි.

එබැවින් වර්ජනවලින් තොරව මෙම ගැටලුව විසඳා ගැනීම කෙරෙහියි බළධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »