Australia Post සේවකයන් සුනඛ සපාකෑම්වලට ලක්වීම ඉහළට

සිය නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් ආරක්ෂිතව තබන්නැයි Australia Post විසින් සියලුම ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මෑතකාලීනව සිය තැපැල් සේවකයන්ට එල්ලවන සුනඛ ප්‍රහාරවල ඉහළයාමක් වාර්තාවීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගතවූ මාස 05 තුළදී තැපැල් සේවකයන් 1000 ක් පමණ සුනඛයන් විසින් සපාකෑම්වලට ලක්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 50 ක පමණ ඉහළයාමක් වනවා.

මින් ඇතැමුන් බරපතල තුවාල ලැබූවන් බවයි Australia Post පවසන්නේ.

මෙම සපාකෑම් අතුරින් වැඩිම සංඛ්‍යාවක් සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය 351 ක්.

ක්වීන්ස්ලන්ඩ් හි සපාකෑම් 281 ක් සහ බටහිර ඔස්ටේ්‍රලියාවේ සපාකෑම් 183 ක් ද මේ අතර වනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »