බහු ජාතික සමාගම්වල සේවකයන්ට ඔස්ටේ්‍රලියාවේ රැකියා වරම්

ඔස්ටේ‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය සමනය කිරීමට සඳහා එක් පියවරක් ලෙස මෙරට ආර්ථික සංවර්ධන කමිටුව විසින් බහුජාතික සමාගම් තුළම සේවකයින් මාරු කිරීම සඳහා වන ක්‍රියාවලිය සරල කිරීමට යෝජනා කර තිබෙනවා.

ඇමෙරිකාව සහ සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම දැනට මෙ ක්‍රියාමාර්ගය සාර්ථකව අත්හදා බලමින් ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට ඔස්ටේ්‍රලියාවට තම කාර්ය මණ්ඩලය එවීමට අවශ්‍ය සමාගම් temporary skill shortage වීසා බලපත්‍රයක් හෝ ස්ථිර පුහුණු වීසා බලපත්‍රයක් (permanent skilled) සඳහා අයදුම් කිරීම වැනි සියලූම සංක්‍රමණිකයන් සඳහා පවතින සම්මත මාර්ග භාවිත කළ යුතුවීම එක් නිර්දේශයක්.

සෑම වසරකම temporary skilled වීසා 20,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරනු ලබන අතර 2021/22 දී 32,062 ක් ප්‍රදානය කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ක්‍රමය භාවිතා කරමින් සේවකයෙකුට මෙරටට පැමිනිමට මාස හයක් පමණ ගත විය හැකි බව සඳහන්.

මෙම නීති මගින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපලේ නියම කළ වැටුප් අනුපාත ගෙවීමේ වගකීම් වලින් බැහැර වීමට අදාළ සමාගම්වලට ඉඩ නොදිය යුතු බවද අවධාරණය කෙරෙනවා.

මේ සඳහා වන අදහස් ලබා ගැනීමේ සාකච්ඡා පත්‍රිකාවට අදාළ යෝජනා දෙසැම්බර් 15 වන දිනට පෙර ලබා ගැනීමට නියමිතයි.

පෙබරවාරි අග වන විට මේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබා දීමටත්, අවසාන වාර්තාව මාර්තු/අප්‍රේල් අග වන විට ලබා දීමටත් අපේක්ෂා කෙරෙනවා.

-SBS-

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »