NSW තුළ rent bidding තහනම් කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ rent bidding ක්‍රමය තහනම් කිරීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

දැන්වීම්වල පළකර ඇති මුදලට වඩා වැඩි අගයකට නිවාස කේවල් කිරීමයි මෙම ක්‍රමයෙන් සිදුවන්නේ.

එහිදී නිවාස සහ දේපළ වෙළඳාම් නියෝජිතයන්ට අයුතු ලාභ ලැබෙන බවටද චෝදනා එල්ලවනවා.

එම සියලු කරුණු සැළකිල්ලට ගෙන ලබන 17 වනදා එනම් සෙනසුරාදා සිට rent bidding ක්‍රමය සිය ප්‍රාන්තය තුළ තහණම් කිරීමට පියවර ගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ කියාසිටියේ.

ඒ අනුව නියම කර ඇති මිළ යටතේම දේපළ කුළියට දීමට හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබන සෙනසුරාදා සිට නිවු සවුත් වේල්ස් හි දේපළ කුළියට දීමේදී නිශ්චිත මිළක් නියම කිරිම අනිවාර්ය වන අතර price range එකක් පළ කිරීමද තහනම් වනවා.

මෙම නීති කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5500 ක දඩයකටද සමාගමකට ඩොලර් 11,000 ක දඩයක්ද පැණවෙනු ඇති.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »