වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අවධානයෙන් පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව 644 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඉන් 280 දෙනෙකු ප්‍රමුඛතම අවධානයක් යොමුකල යුතු පිරිස බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.
ඔවුන්ට එරෙහිව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 3000 කට ආසන්නයි.
මේ අතර සිටින තරුණ අපරාධකරුවන් අතුරින් දැනට පොලිස් භාරයේ සිටිනුයේ සියයට 11 කට ආසන්න පිරිසක් පමණයි.
සෙසු සියල්ලන් ඇප මත සිටින්නන් බව සඳහන්.
නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ටේ්‍රලියා – බටහිර ඔස්ටේරලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල දැනට අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ගොණු කල හැකි අවම වයස පවතින්නේ අවුරුදු 10 ක් ලෙසයි.
එය 14 දක්වා ඉහළ දැමිය යුතු බවට ප්‍රබල මතයක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයක්.
Northern Territory විසින් අවම බාල අපරාධ වයස් සීමාව ලබන වසරේදී 12 දක්වාත් 2027 වසර වනවිට 14 දක්වාත් ඉහළ දැමීමටයි දැනටමත් තීරණය කර ඇත්තේ.