ලබන වසරේ සිට නොමිළයේ PCR පරීක්ෂණ සීමා කරයි

ලබන වසරේදී කොවිඩ් වසංගතය ඔස්ටේ්‍රලියාවෙන් මුලුමනින්ම තුරන් කිරීමට හැකිවනු ඇති බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විශ්වාසය පළකරනවා.

ජාතික සෞඛ්‍ය කළමණාකරණ සැළසුම යටතේ ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 2.9 ක් බවයි ඔහු සඳහන් කලේ.

ලබන වසර තුළදීත් පී සී ආර් පරී්ක්ෂණ සහ ඖෂධ වෙනුවෙන් වැය වන මුදල් ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් සම සේ දැරීමට නියමිතයි.

මේ අතර ලබන ජනවාරි පළමුවනදා සිට නොමිළයේ පී සී ආර් පරීක්ෂණ සීමා කිරීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය නිර්දේශය මත පමණක් එම පරීක්ෂණ සිදුකරන අතර හැකි සෑම අවස්ථාවකදීම රැපිඩ් ඇන්ටිජන් වෙත යොමුවන ලෙසයි ඔස්ටේ‍රලියානුවන්ගෙන් රජය ඉල්ලා සිටින්නේ.

අවධානම අඩු කිසිවෙකුත් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුවීමේ අවශ්‍යතාවයක් නැතැයිද ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

මේ අතර කොවිඩ් සමයේදී ජනතාවට ලබාදී තිබූ අමතර මානසික සෞඛ්‍ය සැසි 10 අවලංගු කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

මින් වැඩි ප්‍රමාණයක් භාවිතයට ගෙන ඇත්තේ ඉහළ ආදායම් සහිත තැනැත්තන් විසින් බවත් අඩු ආදායම්ලාභීන්ට කිසියම් අසාධාරණයක් සිදුවී ඇති බවත් සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් කියාසිටියා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු මානසික සෞඛ්‍ය විශේෂඥ සංගමය අවධාරණය කරන්නේ දැනට 20 ක් ලෙස පවතින අඩු ගාස්තු මානසික සෞඛ්‍ය සැසි සංඛ්‍යාව එලෙසින්ම පැවතිය යුතු බවයි.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »