
නත්තල් සහ අලුත් අවුරුදු දිනවල වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පොදු ප්‍රවාහන සේවා නොමිළයේ භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය බෙන් කැරොල් සඳහන් කලේ දෙසැම්බර් 25 වන ඉරිදා එනම් නත්තල් දින අලුයම 03 සිට පසුදින එනම් බොක්සින් දින අලුයම 03 දක්වා සියලුම නාගරික සහ ප්‍රාදේශීය පොදු ප්‍රවාහන සේවා භාවිත කර නොමිළයේ ගමන්බිමන් යාමට ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතින බවයි.
එමෙන්ම දෙසැම්බර් 31 වනදා පස්වරු 06 සිට ජනවාරි පළමුවනදා අලුයම 06 දක්වා කාලය තුළද වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව පොදු ප්‍රවාහන සේවා භාවිත කල හැකියි.

ගිණිකෙලි සංදර්ශන නැරඹීම සඳහා මෙල්බන් නගරය වෙත විශාල පිරිසක් පැමිණෙනු ඇති බවට තක්සේරු කර මෙම අවස්ථාව සළසා දෙන බවත් ඔවුන් සඳහා අමතර ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගෙන ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කර සිටිනවා.
නව වසර උදාවේ ගිණිකෙළි සංදර්ශන නැරඹීමට දෙසැම්බර් 31 වනදා පස්වරුවේ මෙල්බන් CBD වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන සංඛ්‍යාව ලක්ෂ 05 ක් පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
