ඔස්ටේ්‍රලියා කතුන් මුහුණදෙන දැඩි අසාධාරණයක්

ඔස්ටේ්‍රලියාවේ කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය අවම කිරීමට ඇතැම් ආයතන වෙතින් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවට චෝදනා එල්ලවනවා.

මේ වනවිට මෙරට පුරුෂයන්ට වඩා කාන්තාවන් ලබන වැටුප ඩොලර් 26,596 ක පමණ අඩුවක් ලෙසින් සටහන් වන බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

ප්‍රතිශතතයක් ලෙස එය සියයට 22.8 ක අඩුවක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන විධායක නිළධාරිනියන් බවට කාන්තාවන් පත්වීම ඉහළගොස් ඇතත් සමස්තයක් ලෙස තවමත් ප්‍රධාන විධායක නිළධාරිනියන් සංඛ්‍යාව සටහන් වන්නේ සියයට 22 ක් ලෙසයි.

කාන්තාවන් ප්‍රමුඛව කටයුතු කරන සහ අධ්‍යාපන වැනි අංශවල පවා කළමණාකරුවන් ලෙස වැඩි ප්‍රමාණයක් සිටිනුයේ පුරුෂයන් බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

මෙරට ආයතන අතුරින් සියයට 80 කම පමණ අධ්‍යක්ෂ මණ්ඩලවල කිසිදු කාන්තා නියෝජනයක් නොමැති බවටද හඳුනාගෙන තිබෙනවා.

එය 2014 වසරේදී පැවතී තිබුණේ සියයට 67 ක් ලෙසයි.

සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ආයතන ඇත්තේ සියයට 01 ටත් අඩුවෙන් බවද සඳහන්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »