ඔස්ට්‍රේලියාවේ රැකියා දත්තවල පරස්පරයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා දත්ත ආශ්‍රිතව කිසියම් පරස්පරයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

පසුගිය ජූනි මාසයේදී රැකියා පුරප්පාඩු 480,500 ක් තිබී ඇති අතර රැකියාවක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව සටහන්වී ඇත්තේ 473,600 ක් ලෙසයි.

එසේ තිබියදී අගෝස්තු මාසයේ විරැකියා අනුපාතය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.1 කින් ඉහළ ගොස් තිබුණා.

ඊට හේතුව වී ඇත්තේ රැකියාවක් නොකරන කාණ්ඩ කිහිපයක්ම විරැකියා අනුපාතය සකස් කිරීමේදී ඊට ඇතුළත් කිරීම බව සඳහන්.

විශ්‍රාමිකයන් – සිසුන් – පූර්ණකාලීන ආබාධිතයන් – බන්ධනාගාර ගතවූවන් යන සියල්ලන්ද රැකියා නොකරන ඝනයට ඇතුළත් වන බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය මේ පිළිබඳ නිකුත් කර ඇති පැහැදිලි කිරීමෙහි දැක්වෙන්නේ.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »