Search

සිඩ්නි එන වාහනවලට අලුත් ගාස්තු කිහිපයක්

සිඩ්නි නගරයට පැමිණෙන රථවාහනවලින් නව ගාස්තු කිහිපයක් අය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවට වාර්තා පළවනවා.

ඉදිරි වසර 50 සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ප්‍රවාහන ඉදිරි දැක්ම යටතේයි මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ.

දැනට මිලියන 8.2 ක් ලෙස පවතින ප්‍රාන්තයේ ජනගහණය 2061 වසර වනවිට මිලියන 11.5 ක් බවට පත්වනු ඇතැයිද එමගින් අධික රථවාහන තදබදයක් නිර්මාණය වනු ඇතැයිද පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව නගරයට ඇතුලුවන වාහන සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණ ඇතිවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව ගාස්තු කිහිපයක් හඳුන්වාදීමට යෝජනා කර ඇත්තේ.

ඊට අමතරව footpaths ගණන වැඩි කිරීමටත් පා-පැදි / e-bikes සහ e-scooters භාවිතය ප්‍රචලිත කිරීමටත් පියවර රැසක් ගැනෙනු ඇති බවටත් අනාවැකි පළවනවා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »