NSW දෙමව්පියන්ට හෙට සිට $ 150 ක වවුචර

නිවු සවුත් වේල්ස් දෙමව්පියන්ට ඩොලර් 150 ක “back to school” වවුචරය ලබාගැනීමට හෙට සිට අවස්ථාව උදාවනවා.

පොත්පත් – නිල ඇඳුම් – ලිපි ද්‍රව්‍ය හෝ පාසලට අවශ්‍ය වෙනත් ඕනෑම ද්‍රව්‍යයක් මිළදී ගැනීම සඳහා මෙම වවුචරය යෙදවිය හැකියි.

හෙට (12) පෙරවරු 08 සිට දෙමව්පියන්ට එක් දරුවෙකුට ඩොලර් 50 ක වටිනාකමින් යුත් වවුචර 03 ක් බැගින් Service NSW හරහා ලබාගත හැකි වනවා.

මේ සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 193 ක්.

ප්‍රාන්තය පුරා ලියාපදිංචි වෙළඳසැල් 500 කදී පමණ මෙම වවුචර භාවිත කල හැකි අතර ඒ සඳහා මාස 06 ක කාලයක් පවතිනවා.

අදාළ වෙළඳසැල් කවරේද යන්න Business Finder හරහා දැක බලාගත හැකි වනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »