
ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව සමත් විය.
ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාලය පරාජය කරමිනි.
තරගය නිම වනවිට ගෝල 1 – 0ක් ලෙස තරගය ජයගැනීමට මොරොක්කෝව සමත් විය.

මේ අතර එංගලන්තය 2-1 ක් ලෙස පරාජයට පත් කර වත්මන් ලෝක ශූර ප්‍රංශය ද අවසාන පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව අවසාන පූර්ව වටයේ කණ්ඩායම් 04 ම මේ වනවිට සම්පූර්ණ වී අවසන්.

ආර්ජන්ටිනාව සහ ක්‍රොඒෂියාව – දෙසැම්බර් 14 වනදාත් / ප්‍රංශය සහ මොරොක්කෝව – දෙසැම්බර් 15 වනදාත් තරග වැදීමට නියමිතයි.
එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් 02 අවසා මහා තරගයේදී මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් තරග වදිනු ඇති.