
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඡන්දය දිය හැකි අවම වයස අවුරුදු 18 සිට 16 දක්වා අඩු කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂ නියෝජිතයන් විසිනුයි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
කෙසේවෙතත් ඔවුන්ට ඡන්දය දීම අනිවාර්ය නොකල යුතු මෙන්ම ඡන්දය නොදී සිටියහොත් දඩයක් පැණවීමද නොකල යුතු බවටයි යෝජනා කෙරෙන්නේ.

වයස අවුරුදු 14 සම්පූර්ණ වූ වහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට ඡන්දය සඳහා ලියාපදිංචිවීමට අවස්ථාව තිබිය යුතු බවටත් ග්‍රීන්ස් පක්ෂ යෝජනාවලියට ඇතුළත්.
බාලවයස්කරුවන්ටද ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධවීමට අවස්ථාවක් දිය යුතු බැවින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බවයි නිවු සවුත් වේල්ස් ග්‍රීන්ස් පක්ෂය යෝජනා කර සිටින්නේ.

ලබන වසරේ පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට පෙර මෙම යෝජනාව සම්මත කරගත යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.