Search

අත්වැරැද්දකින් Telstra ගණුදෙනුකරුවන් 130,000 කගේ පුද්ගලික තොරතුරු මුදා හැරේ

අත්වැරදීමක් හේතුවෙන් Telstra පාරිභෝගිකයන් 130,000 කගේ පමණ පුද්ගලික දත්ත අන්තර්ජාලය ඔස්සේ නිරාවරණය වී තිබෙනවා.

පුද්ගල නාම – ලිපින – දුරකථන අංක මෙලෙස මුදා හැරිමකට ලක්වී ඇති බව සඳහන්.

මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවත් දත්ත පද්ධති යාවත්කාලීන කිරීමේදී සිදුවූ අත්වැරදීමක් පමණක් බවත් Telstra සමාගම නිවේදනය කරනවා.

එය යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බැවින් කිසිදු ආකාරයකින් කලබලයට පත් නොවන්නැයිද ඔවුන් පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.

කෙසේවෙතත් අදාළ පාරිභෝගිකයන් 130,000 ම අමතා සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර ඔවුන්ට අවශ්‍ය සහය දීමටයි Telstra සමාගම තීරණය කර ඇත්තේ.