
ෆෙඩරල් රජය විසින් සකස් කර ඇති විදුලි බිල් ගාස්තු අඩු කිරීම යටතේ පාරිභෝගිකයන්ට සහනයක් හිමිවීමට ලබන වසරේ මැද භාගය පමණ වනු ඇති බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසනවා.
ඒ අනුව දැනට පවතින විදුලි බිල් ගාස්තුවට සහනයක් දීම නොව එම කාලයේ පවතින ගාස්තුවට සහනයක් දීම බොහෝදුරට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
කෙසේවෙතත් ගෑස් සහ ගල් අගුරු සඳහා උපරිම මිළ සීමාවක් පැණවීම හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ට අවම වශයෙන් ඩොලර් 230 ක පමණ ගාස්තු සහනයක් අත්වනු ඇති බවටයි ඔහු අනාවැකි පළකරන්නේ.

මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ විදුලි ගාස්තු සියයට 20 කින් පමණ ඉහළ ගිය අතර ලබන වසරේදී එය තවත් සියයට 30 කින් පමණ වැඩිවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.
මෙම අසීරු තත්වයෙන් පාරිභෝගිකයන් ගලවා ගැනීමේ අරමුණ ඇතිව ගාස්තු සහනයක් ලබාදීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරන බවද බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් කියාසිටියා.

පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී බලශක්ති අමාත්‍යවරුන් සහ ජාතික කැබිනෙට්ටුව බලශක්ති ගාස්තු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට 02 ක් පැවැත්වූණා.
එහිදී ඇති කරගත් එකගතා නීති ලෙස සම්මත කරගැනීමට ෆෙඩරල් පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතයි.