ඔස්ට්‍රේලියානුවන් මිලියන 12 ක් විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 3/5 ක් හෙවත් මිලියන 12 කට ආසන්න පිරිසක් තම විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පසුවන බව අනාවරණ වී තිබෙනවා.

ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට අපහසු වනු ඇතැයි යන්න පිළිබඳ ඔවුන් දෙගිඩියාවෙන් පසුවන බව සඳහන්.

නවතම මත විමසුමකදී හෙළිවී ඇත්තේ සියයට 18 කට ආසන්න පිරිසක් පමණක් තම විශ්‍රාම දිවිය පිළිබඳ ගැටලුවක් නැතැයි අදහස් දක්වා ඇති බවයි.

කානතාවන්ට වඩා පුරුෂයන් කිසියම් ස්ථාවරභාවයක පසුවන බවත් මෙහිදී අනාවරණ වී තිබෙනවා.

අවුරුදු 65 දී පමණ විශ්‍රාම යාමට බොහෝ පිරිසක් කැමැත්තෙන් පසුවුවද ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට නොමැතිවීම මත ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවටයි මෙහිදී හෙළිවී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මාසයකට ඩොලර් 713 කට ආසන්න මුදලක් විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කරනු ලබන්නේ සියයට 18 කට ආසන්න පිරිසක් පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »