Search

HSC ප්‍රථිඵල කලින් පිටවීම ගැන විමර්ශනයක්

HSC විභාගයේ ප්‍රථිඵල බලාගැනීමට ඇතැම් සිසුන්ට කලින්ම අවස්ථාව ලැබී ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් අධ්‍යාපන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මූලික ප්‍රථිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා දිනයේදීයි.

එහෙත් අද පෙරවරුව වනවිට ඇතැම් සිසුන්ට ප්‍රථිඵල ලබාගැනීමට අවස්ථාවක් හිමිවී ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිසුන් සමාජ මාධ්‍යවල පළකිරීම් ද දක්නට ලැබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාව අයදින බවත් වහා විමර්ශනයක් ආරම්භ කරන බවත් නිවු සවුත් වේල්ස් අධ්‍යාපන අධිකාරිය කියාසිටියා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »