මෙල්බන් ට්‍රෑම් නැවතුම්පොළ තවත් ලස්සන වෙයි

මෙල්බන් නගරයේ ට්‍රෑම් නැවතුම්පොළවල වහළය මත පැළ වගා කිරිමේ වැඩපිළිවෙල තවත් පුලුල් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන වසර මැද භාගය වනවිට වර්ග මීටර් 250 ක භූමි ප්‍රමාණයක එම වගා වැඩපිළිවෙල අවසන් කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

මෙල්බන් නාගරික කවුන්සිලයේද දායකත්වය ඇතිවයි මෙම The Yarra Trams ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.

සමස්ත ව්‍යාපෘතිය අවසන් වනවිට වර්ග මීටර් 1000 ක භූමි ප්‍රමාණයක පැළ වගාකර අවසන් කිරීමටයි මෙල්බන් නාගරික කවුන්සිලය තීරණය කර ඇත්තේ.

මේ සඳහා යොදාගන්නා පැළ සහ මල් වර්ග වික්ටෝරියා ප්‍රාන්තයට ආවේණික ඒවා වීමද විශේෂත්වයක්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »