බදු ගෙවීම පැහැර හැරි බවට වන සැකය මත ඔස්ටේ්රලියාව පුරා ප්රධාන ආයතන 35 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඔස්ටේ්රලියානු බදු කාර්යාලය සහ ෆෙඩරල් පොලිසිය විසින් ඒකාබද්ධවයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – බටහිර ඔස්ටේ්රලියා සහ ටස්මේනියා ප්රාන්තවල මෙම සෝදිසි කර තිබෙනවා.
මෙම ආයතනවලින් බහුතරයක් සිල්ලර වෙළඳාම්වලට සම්බන්ධ අතර පාරිභෝගිකයන් මිළදී ගන්නා භාණ්ඩ සහ ඒවායෙහි වටිනාකම් වෙනුවට මිළ අඩු වෙනත් භාණ්ඩ පිළිබඳ තොරතුරු බදු කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
මෙවැනි මෘදුකාංග ඔස්ටේ්රලියා තුළ භාවිත කිරීම 2018 වසරේදී තහනම් කෙරුණා.