පවතින දුෂ්කර ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහන සළසන Ride for Apeksha 04 වන අධියර පසුගියදා ක්‍රියාවට නැංවුණා.
ඒ අනුව ඔස්ටේ්‍රලියානු ඩොලර් 33,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 81 කට ආසන්න වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර / සෞඛ්‍ය උපකරණ සහ ඖෂධ ලබාදෙනු ලැබුවා.
Ride for Apeksha සාමාජිකයන් විසින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර වෙත සෘජුවම මෙම උපකරණ ලබාදීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ අතුරින් සියයට 40 ක පමණ හිගයක් පවතින බව සඳහන්.
එම අවශ්‍යතාවය මනාලෙස වටහා ගත් Ride for Apeksha විසින් ඔස්ටේ්‍රලියාව ඇතුලු ලොව පුරා වාසය කරන ලාංකික පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ආධාර කිසිදු අවභාවිතයකට ඉඩ නොතබා 03 වන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව සෘජුවම සෞඛ්‍ය අංශ වෙත ලබාදීම විශේෂත්වයක්.
Ride for Apeksha 05 වන ආධාර ප්‍රදානය ලබන සතියේදී සිදුකිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.
ගෝලීය රොටරි සංවිධානයේ ප්‍රදානයන් ලද වහා එම සෞඛ්‍ය ආධාර තොගයද බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.
Ride for Apeksha සඳහා Ausලංකා TV විසින්ද මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලාංකිකයන් වෙනුවෙන් ඉටු කරනු ලබන සත්කාර්යයක් ලෙස සළකමිනුයි.