Search

කොවිඩ් ආසාදිතයන් විශාල පිරිසක් සමග නෞකාවක් සිඩ්නි වරායට

කොවිඩ් ආසාදිතයන් විශාල පිරිසක් සිටින බවට සැක කෙරෙන මගී ප්‍රවාහන නෞකාවක් සිඩ්නි වරායට පැමිණ තිබෙනවා.

මගීන් 3000 කට ආසන්න පිරිසක් රැගෙන Celebrity Eclipse නම් මෙම නෞකාව නවසීලන්තයේ සිටයි සිඩ්නි වෙත ළගා වී ඇත්තේ.

මෙම නෞකාව කොවිඩ් ආසාදිතයින් සිටීම හමුවේ Tier 2 වර්ගීකරණයකට ලක් කර තිබෙනවා.

එහි පුද්ගලයන් 1,000 කට ධනාත්මක රෝගීන් 30 ත් 99 ත් අතර සංඛ්‍යාවක් සිටින බවට සැක කෙරෙනවා.

Majestic Princess නමැති තවත් මගී ප්‍රවාහන නෞකාවක් ද ඊයේ සිඩ්නි නුවරට පැමිණ තිබුණා.