අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඉන් ප්‍රමුඛ අවධානයක් යොමුකර ඇත්තේ බලශක්ති ගාස්තු සම්බන්ධයෙනුයි.
සියලුම ඔස්ටේ්‍රලියානු නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වෙත හැකි ඉක්මණින් ගාස්තු සහනයක් දීමට ජාතික කැබිනට් මණ්ඩලය එකග වූ බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.
ඒ අනුව ගෑස් සහ ගල් අගුරු මිළදී ගැනීමේදී උපරිම මිළක් නියම කිරීමටද යෝජනා වී තිබෙනවා.
ඊයේ දිනයේදී ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් විසින් එකග වූ කරුණු සම්බන්ධයෙන්ද ජාතික කැබිනට් මණ්ඩලය අවධානය යොමුකල බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ.
අද එකගවූ කරුණු නීතියක් ලෙස සම්මත කිරීම සඳහා ලබන සතියේදී පාර්ලිමේන්තුව කැඳවීමටද තමා තීරණය කර ඇතැයි ඔහු කියාසිටියා.
මේ අතර කොවිඩ් සහන මුදල් ග්‍රීෂ්ම සෘතුව සඳහාත් ලබාදීමට ද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙදී අවසන් තීරණයක් ගෙන තිබෙනවා.