ලොව පුරා ජනතාවගෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකල ජාවාරම්වලින් ඩොලර් මිලියන 148 ක මුදලක් වංචාකල චීන ජාතිකයන් 04 දෙනෙකු සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Dating ඇප්ලිකේෂන – ව්‍යාජ රැකියා දැන්විම් සහ පණිවුඩ ඇප්ලිකේෂන හරහා වසර ගණනක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඔස්ටේරලියාව තුළ ස්ථාපිත කරන ලද ව්‍යාපාර සහ ගිණුම් වෙත එම මුදල් අයථා ආකාරයෙන් ලබාගෙන ඇති බවයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කරන්නේ.
මොවුන් වයස අවුරුදු 19 ත් 27 ත් අතර පසුවන්නන් වන අතර චෝදනා ගොණු කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.
මෙම වැටලීම සඳහා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියට අමෙරිකානු රහස් ඒජන්සියේද සහය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.