ඔස්ටේ්‍රලියානුවන් වැඩියෙන්ම කැමති රැකියා හෙළිවෙයි

උසස් අධ්‍යාපනයේ නිරතවන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරේ සිදුකල සංගණනයට අනුව වයස අවුරුදු 15 ට වැඩි ජනගහණයෙන් මිලියන 11.4 ක් හෙවත් සියයට 54.7 ක පිරිසක් පාසල් සමයෙන් පසු ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හෝ වැනි කුමන හෝ සුදුසුකමක් ලබාගෙන ඇති බවයි අනාවරණ වන්නේ.

එය 1981 වසරේදී පැවතී ඇත්තේ සියයට 24.2 ක් ලෙසයි.

ගතවූ වසර 40 ක කාලය සැළකීමේදී උසස් අධ්‍යාපනය සඳහා යොමුවන කාන්තාවන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බවටයි අනාවරණ වන්නේ.

1981 දී ඩිප්ලෝමාවක් හෝ උපාධියක් සහිත කාන්තාවන් සංඛ්‍යාව 110,000 ක් ලෙස පැවති නමුත් පසුගිය වසරේදී එය ලක්ෂ 57 ක් දක්වා වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත පෙන්වා දෙන්නේ.

ඉන් ලක්ෂ 20 කට පමණ උපාධියක් ද එයින්ද ලක්ෂ 10 කට පමණ පශ්චාත් උපාධියක්ද පවතින බව අනාවරණ වී තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සුදුසුකම් ලබාගැනීමේදී වැඩි කැමැත්තක් දක්වන අංශ ලෙස හඳුනාගෙන ඇත්තේ ව්‍යාපාර අධ්‍යයනය – ගිණුම්කරණය – ආහාර සේවා – Hospitality සහ අධ්‍යාපනය යන අංශයි.

ඉදි කිරීම් – ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණය යන අංශ සඳහා පුරුෂ පාර්ශවය වැඩි කැමැත්තක් දක්වන අතර හෙද සේවය – සමාජ සුභසාධනය සහ මානව විද්‍යා යන අංශවලට ස්ත්‍රී පාර්ශවය වැඩි නැඹුරුවක් දක්වන බවටයි හෙළිකරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »