
පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලේබර් පක්ෂය ලැබූ ජයග්‍රහණයට හේතු ඇතුළත් වාර්තාවක් සකස් කර තිබෙනවා.
ඊට අනුව තම ජයග්‍රහණයට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ හිටපු අගමැති ස්කොට් මොරිසන් කෙරෙහි ඔස්ටේ්‍රලියානුවන් තුළ තිබූ අප්‍රසාදයයි.
දීර්ඝ කාලීන ස්ථාවර කම්කරු පක්ෂ රජයක් පවත්වා ගැනීම සඳහා අනුගමනය කල යුතු නිර්දේශ 27 ක්ද පිටු 60 කින් සමන්විත මෙම වාර්තාවට අන්තර්ගතයි.

මැතිවරණයේදී පරාජයට පත්වූ සහ පසුබෑමට ලක්වූ ආසන ඉදිරි මැතිවරණයකදී ජයගත හැකි යෝජනා ද ඒ අතර වනවා.
ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ආසියානු සම්භවයක් ඇති ඡන්ද දායකයන්ගේ විශ්වාසය රැකගැනීමේ අවශ්‍යතාවයද මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන් පසුගිය මැතිවරණයේදී චීන ජාතිකයන්ගේ ඡන්දය ලේබර් පක්ෂයට හිමිවී ඇතත් වියට්නාම ජාතිකයන්ගේ ඡන්දය ගිලිහී ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.