Search

NBN ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි චෝදනා

ඔස්ටේ්‍රලියාව තුළ අන්තර්ජාල ගාස්තු ඉහළ ගියද පසුගිය වසර කිහිපය පුරා සේවා ගුණාත්මකභාවයේ වැඩිවීමක් සිදුවී නොමැති බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

ජාතික පාරිභෝගික කොමිසම නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ 2021-22 කාලසීමාවේදී NBN අන්තර්ජාල පැකේජ මිළ ගණන් සියයට 09 කින් පමණ වැඩිවී ඇති බවයි.

කෙසේවෙතත් ඔවුන්ගේ සේවා සැපයීම් – නඩත්තු ආදිය සැළකීමේදී සතුටුදායක තත්වයක් පෙන්නුම් නොකරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන ලක්ෂ 80 කට ආසන්න පාරිභෝගිකයන් මෙමගින් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බවද එහි සඳහන්.

NBN හි අඩු මිළ පැකේජ මිළ ගණන් සියයට 3.6 කින්ද / මධ්‍යම පැකේජයන් සියයට 4.7 කින් සහ අධිවේගී පැකේජයන් මිළ ගණන් සියයට 09 කින් පමණ ඉහළගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »