වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් යළි ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සතියේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව සියයට 3.4 කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේදී ප්‍රාන්තයෙන් සටහන් වූ ආසාධිතයන් සංඛ්‍යාව 27,790 ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

කොවිඩ් වැළඳීමෙන් මරණ 85 ක් පසුගිය සතියේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන්වී තිබෙනවා.

රෝහල්ගතවීම් සියයට 24 කින් ඉහළගොස් ඇති බවයි අද නිකුත් වූ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

කොවිඩ් ආසාධිතයන් 28 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »