Search

තීරණාත්මක ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අද

මෙම වසරේ අවසාන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

බලශක්ති ගාස්තු අඩු කෙරෙන යෝජනාවක් ඊට ඉදිරිපත් කිරීමට නියමිත වීම ඊට හේතුවයි.

ඊට අනුමැතිය ලැබී බලශක්ති සමාගම් සමග එකගතාවයක් ඇතිකරගත හොත් මාස කිහිපයක් තුළ විදුලි ගාස්තු අඩු වනු ඇති බවයි විචාරක මතය වන්නේ.

කෙසේවෙතත් බලශක්ති සමාගම් සඳහා නිසි වන්දි මුදලක් නොලැබෙන්නේ නම් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිවරුන් සූදානම් වන බවද සඳහන්.

එම සමාගම්වල බහුතර කොටස් අදාළ ප්‍රාන්ත රජයන් සතු බැවින් වන්දි ලෙස ඩොලර් බිලියන ගණනක මුදලක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ලබන වසරේදී තවත් සියයට 30 කින් පමණ වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් වසර 02 ක් තුළ මෙරට නිවසක විදුලි හා ගෑස් ගාස්තු ඉහළයාම ඩොලර් 1300 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

කෙසේවෙතත් කුමන බාධා පැමිණියද මාස කිහිපයක් තුළ ඔස්ටේ්‍රලියානුවන්ගේ බලශක්ති ගාස්තු ගැටලූවට විසඳුමක් දෙන බවට අගමැති ඇල්බනීස් සහතික වනවා.

තම ඉලක්කය පෙබරවාරි මාසය වනවිට ගාස්තු අඩු කිරීම බවයි අගමැතිවරයා සඳහන් කලේ.

මේ අතර පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමට අදාළ යෝජනාවකට ෆෙඩරල් සහ ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් විසින් අත්සන් තබා තිබෙනවා.

විදුලි ගාස්තු අඩු අවස්ථාවලදී නිෂ්පාදන පිරිවැය සඳහා වැයවන අමතර මුදල් ඒ යටතේ ඔවුන්ට ලබාදීම සිදුවනු ඇති.

ෆෙඩරල් බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් සඳහන් කලේ ඩොලර් බිලියන 10 ක අරමුදලක් මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිත බවයි.

බලශක්ති අමාත්‍යවරුන් විසින් ගනු ලැබූ තීරණ අනුමත කිරීමද අද දිනයේදී සිදුවනු ඇති.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »